.webp)
COLOMBO ( News 1st ) - Update : තුර්කි භූකම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1400 ක් : 6000කට වැඩි පිරිසකට තුවාල
සිරියා දේශ සීමාවට ආසන්නව තුර්කියේ ගාසියන්ටෙප්හි සිදු වූ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට 1400 ආසන්න වී තිබේ.
විදෙස් වාර්තා පවසන්නේ, පුද්ගලයින් 6000කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.
තුර්කි වේලාවෙන් අද අලුයම 4.17 පොළව මතුපිට සිට කිලෝමීටර 17.9ක් අභ්‍යන්තරයේ මැග්නිටියුඩ් ඒකක 7.8ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූ කම්පණය සිදුව තිබිණ.
භූ කම්පනයෙන් තුර්කියේ ප්‍රධාන නගර 10 කට බලපෑම් සිදුව තිබූ අතර සිරියාව, සයිප්‍රසය, ජොර්දානය ,ලෙබනනය ,ජොර්ජියා ඇතුළු රටවල් රැසකට ද ඉන් බලපෑම් එල්ල විය.
ප්‍රබල භූ කම්පනයෙන් අනතුරුව වාර්තා වූ පසු කම්පනයේ ප්‍රබලත්වය සටහන්ව තිබුණේ, මැග්නිටියුඩ් ඒකක 6.7ක් ලෙසයි.
මියගිය පිරිස අතරින් 900කට වැඩි පිරිසක් තුර්කි වැසියන් වන අතර සිරියාවෙන් වාර්තාවන මරණ සංඛ්‍යාව 300 ඉක්මවා ගොස් ඇත.
කෙසේ වෙතත් විදෙස් වාර්තා පවසන්නේ භූකම්පයෙන් සිදු වූ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.
භූ කම්පනයත් සමග බොහෝ ගොඩනැගිලි කඩා වැටී ඇති අතර විශාල සුන්බුන් සිරවී සිටින පිරිස් බේරා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණය ආයතනය පවසන්නේ මෙය වසර 100කට පසුව තුර්කියට බලපෑ ප්රබලතම භූ කම්පනයක් බවයි
මේ අතර තුර්කියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන්නේ, මේ අතර භූ කම්පනයත් සමග ලාංකිකයින් හානි සිදුව ඇත්දැයි තවදුරටත් සොයා බලමින් සිටින බවයි.
නිවුස්ෆස්ට් කළ විමසීමකදී තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ , අසල්වැසි රටවල සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් ද විමසිල්ලෙන් පසුවන බවයි.
ඔවුන් පිළිබඳ තොරතුරු සොයා බැලෙන්නේ, එම රටවල කොන්සියුලර් කාර්යාල හරහායි.