පුංචි ඡන්දයේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

මාර්තු 09 පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

by Staff writer 01-02-2023 | 5:57 AM

COLOMBO (News 1st) - පළාත් පාලන ඡන්ද විමසීම මාර්තු මස 09 වැනි දා උදෑසන 7.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වෙන බව ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් විසින් මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ 38/1/ඇ උපවගන්තිය ප්‍රකාරවයි.

මැතිවරණ දිස්ත්‍රික් 24 ක තේරීම් භාර නිලධාරීන් විසින් පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ගැසට් නිවේදන 24 ක් නිකුත් කර ඇත.