.webp)

COLOMBO (News 1st) - මෙරට නිල සංචාරයක නිරත දේශපාලන කටයුතු පිළිබඳ අමෙරිකානු රාජ්‍ය උප ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
ඒ ජනාධිපති කාර්යාලයේදීයි.
මෙහිදී ජනාධිපතිවරයා රට මුහුණ දී ඇති මේ දුෂ්කර මෙහොතේ ඇමරිකානු රජය දක්වන සහයෝගයට ස්තුතිය පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.
වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය මෙහිදී පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කීරම සඳහා තම රජයේ සහය අඛණ්ඩව ලබා දෙන බවයි.
වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය ඊයේ රාත්‍රි දිවයිනට පැමිණියා ය.
මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම් පැට්‍රීෂීයා ස්කොට්ලන්ඩ් මහත්මිය ද අද පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතයි.
