සා/පෙළට අයැදුම්පත් කැඳවීම Online හරහා පමණයි

2022 සා/පෙළ විභාගයට අයැදුම්පත් කැඳවීම හෙට සිට ඇරඹේ..

by Staff writer 31-01-2023 | 9:55 PM

COLOMBO ( News 1st ) - 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අයැදුම්පත් කැඳවීම හෙට (01) සිට ඇරඹීමට නියමිත ය.

අයැදුම්පත් කැඳවීම හෙට (01) සිට ලබන 28 වැනිදා දක්වා ක්‍රියාත්මක බව විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

මෙම අයැදුම්පත් කැඳවීම  ඔන්ලයින් ක්‍රමයට පමණක් සිදු කෙරෙන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.