.webp)
COLOMBO ( News 1st ) - ගල්කිස්ස, සෙරම් පාරේදී තියුණු ආයුධයකින් පහර දී , ව්‍යාපාරිකයෙකු ඝාතනය කර තිබේ.
පොලීසිය සඳහන් කළේ, පුද්ගලික ආරවුලක් මත අද (31) පස්වරුවේ මෙම ඝාතනය සිදු කර ඇති බව ය.
ඝාතනයට ලක් වූ පුද්ගලයා සිය ඥාති සහෝදරයෙකු සමග මත්පැන් පානය කර ඇති අතර එහි දී දෙදෙනා අතර ආරවුලක් හටගෙන ඇතැයි පොලීසිය අනාවරණය කරගෙන තිබේ.
පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ , අදාළ ව්‍යාපාරිකයා ගල්කිස්ස, සේරම් පාරේ නිවසක තනිව වාසය කර ඇති බව ය.
ඝාතනය සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර , ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක ය.