.webp)
COLOMBO (News 1st) – මේ වසරේදී මෙරටට පැමිණෙන ඉන්දීය සංචාරකයින්ගේ විශාල වර්ධනයක් අපේක්ෂා කරන බව , ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධ ව්‍යාපාර සංසද නිලධාරීන් පවසයි.
ඔවුන් සඳහන් කළේ , 2022 දී ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය සංචාරකයින් ගණන 719, 978 ක් බවයි.
එම සංඛ්‍යාව 2021 වසරට සාපේක්ෂව 20. 6% ක වැඩිවීමකි.
සංචාරක ව්‍යාපාරයේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට විශාලම දායකත්වය සපයන බවත්, සංචාරක ආකර්ෂණය වර්ධනය කිරීම සඳහා ක්‍රියාකාරකම් රැසක් සැලසුම් කර ඇති බවත් , ලංකා වාණිජ මණ්ඩලයට අයත් ව්‍යාපාර සංසදය වැඩිදුරටත් පෙන්වා දෙයි.