.webp)
එය, 1956 න් පසුව එක්සත් රාජධානියේ වසරක නිෂ්පාදිත මෝටර් රථවලට සාපේක්ෂව නිෂ්පාදනයේ පහළ වැටීමකි.
ඒ වගේම, එය මීට පෙර වසරේ මෝටර් රථ නිෂ්පාදනයට සාපේක්ෂව 10% ක පහළ වැටීමක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
Covid වසංගත තත්ත්වය හේතුවෙන් රථ වාහන නිෂ්පාදනවලට අදාළ කොටස් හිඟවීම ලොව පුරා රටවල් මුහුණ පෑ අතර එක්සත් ජනපදය ද ඉන් පීඩාවට පත්විය.
මෝටර් රථ සමාගම් අනතුරු අඟවන්නේ, නිෂ්පාදකයින් ආකර්ෂණය කර ගැනීමට එක්සත් රාජධානියේ උපාය මාර්ග සාර්ථක නොවූ බවයි.
නමුත් බලධාරීන් පවසන්නේ, මෝටර් රථ නිෂ්පාදනයේ දී මූලික රාජ්‍යයක් ලෙස ස්ථානගත වීමේ අරමුණැතිව කටයුතු කරන බවය.
2025 වසරේදී නැවතත් මෝටර් රථ මිලියනයක් නිෂ්පාදනයට බලාපොරොත්තු වන බවත්, ඊට අවශ්‍ය අයෝජකයින් හා නිෂ්පාදකයින්ගේ අවශ්‍යතාවක් මතුව ඇති බවත් වැඩිදුරටත් සඳහන් වේ.
සමස්තයක් වශයෙන් ගත් කළ එක්සත් රාජධානිය පසුගිය වසරේ මෝටර් රථ 775,014 ක් නිෂ්පාදනය කළ අතර එය වසංගතයට පෙර නිෂ්පාදනය කළ මිලියන 1.3 හා සසඳන කළ පහළ වැටීමකි.