ව්‍යාජ ‍ලොතරැයි පත් තොගයක් සමග අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ‍ලොතරැයි පත් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

by Staff writer 26-01-2023 | 10:54 AM

COLOMBO (News 1st) - ව්‍යාජ ‍ලොතරැයි පත් තොගයක් සමග කුරුණෑගලදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, එහිදී ඔහු සතුව තිබී ව්‍යාජ ලොතරැයි පත් 232 ක් හමු වූ බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරදු 26 ක වාලච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු අද (26) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.