.webp)

COLOMBO (News 1st) - උසස් පෙළ කාල සීමාවේ විදුලි කප්පාදුවක් සිදු කරනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් නිශ්චිතව අද දහවල් ප්‍රකාශයට පත් කරන බව විදුලි බල මණ්ඩලය පවසයි.
ඒ , මෙම කාලසීමාවේ කොන්දේසි කිහිපයකට යටත්ව අඛණ්ඩව විදුලිය සැපයීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරින් එකඟවී ඇති පසුබිමකදීයි.
උසස් පෙළ විභාග සමයේ විදුලි කප්පාදුව අත්හිටුවන්නැයි කළ ඉල්ලීමට ප්‍රතිචාර නොදැක්වීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා , විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පාර්ශව ඊයේ මානව හිමිකම් කොමිසමට කැඳවා තිබිණ.
අනතුරුව කොන්දේසි කිහිපයකට යටත්ව අඛණ්ඩව විදුලිය සැපයීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරින් එකඟ වූ බව මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කළ ද ඊයේ පස්වරුවේත් දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි කර තිබිණ.
