මැතිවරණ කොමිසෙමන් මහ බැංකු අධිපතිට ලිපියක්

මැතිවරණය තියන්න පහසුකම් සැලසිය හැකි ද? - මැතිවරණ කොමිසම මහ බැංකු අධිපතිගෙන් විමසයි

by Staff writer 25-01-2023 | 1:11 PM

COLOMBO (News 1st) - මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පහසුකම් සැලසිය හැකිදැයි මැතිවරණ කොමිසම මහ බැංකු අධිපතිවරයාගෙන් විමසා තිබේ.

ඒ, ලිපියක් යොමු කරමිනි.

එම ලිපිය මගින් මැතිවරණ කොමිසම විමසා ඇත්තේ, ඛනිජ තෙල් සංස්ථාව සහ විදුලි බල මණ්ඩලයට මැතිවරණය සඳහා විදුලිය හා ඉන්ධන ලබා දීම වෙනුවෙන් ඩොලර් සැපයිය හැකි ද යන්න පිළිබඳවයි.

ඛනිජ තෙල් සංස්ථාවේ හා විදුලිබල මණ්ඩලයේ ප්‍රධානීන් සමග පසුගිය දා මැතිවරණ කොමිසම පැවැත් වූ සාකච්ඡාකදී නිසි පරිදි ඉන්ධන හා විදුලි සැපයුම පවත්වාගෙන යාමට ඩොලර් හිඟය බාධාවක් වී ඇති බව ඔවුන් පෙන්වා දී ඇත.

ඩොලර් හිඟය මගහැරවීම සඳහා අවශ්‍ය සහය ලබා දෙන්නේ ද යන්න පිළිබඳ මහ බැංකුවෙන් විමසීමක් කරන්නැයි ඔවුන් එම සාකච්ඡාවේදී මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.