.webp)
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා නිවේදනය කර ඇත්තේ, නානුඔය අනතුර සිදුවූ නුවරඑළිය - රදැල්ල කෙටි මාර්ගයේ බර වාහන ධාවනය මෙලෙස තාවකාලිකව තහනම් කර ඇති බව ය.
මෙම මාර්ගයේ දී ඊයේ රාත්‍රියේ කොළඹ, තර්ස්ටර් විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස් රථයක්, වෑන් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටීමෙන් සිදු වූ අනතුරක් සිදු වූ අතර ඒ හේතුවෙන් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
මියගිය පුද්ගලයින් අතර අවුරුදු 13 ක පිරිමි දරුවෙක් සහ අවුරුදු 8 හා 12 යන වයස්වල පසුවන ගැහැණු දරුවන් දෙදෙනෙකු ද වේ.
මියගිය සෙසු පුද්ගලයින් අවුරුදු 26, 27, 43 යන වයස්වල පසුවන්නන් ය.
පොලීසිය සඳහන් කළේ, මියගිය පුද්ගලයින් හැටන් සහ නානුඹය පදිංචිකරුවන් බවයි.
අදාළ රිය අනතුරින් තුවාල ලැබූ 53 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර නුවරඑළිය මහ රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය මහේන්ද්‍ර සෙනවිරත්න මහතා සඳහන් කළේ, එක් සිසුවෙක් දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබන බව ය.