යුක්‍රේන ඇමැතිවරයෙකු ඇතුළු 16ක් මරුට..

හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් යුක්‍රේන අභ්‍යන්තර කටයුතු ඇමැති ඇතුළු 16ක් මරුට..

by Staff writer 18-01-2023 | 4:36 PM

COLOMBO ( News 1st ) - යුක්‍රේනයේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් අමාත්‍යවරයෙකු ඇතුළු 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පෙර පාසලකට හෙලිකොප්ටර් යානය කඩා වැටී ඇති බවයි. 

මියගිය පිරිස අතරට පෙර පාසලේ රැඳී සිටි කුඩා ළමුන් දෙදෙනෙකු ද ඇතුළත් වන අතර අනතුර සිදුවන අවස්ථාවේ දී හෙලිකොප්ටර් යානයේ 09 දෙනෙකු රැඳී සිට තිබේ. 

තවත් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව ද විදෙස් වාර්තාවල දැක්වේ. 

ප්‍රදේශයේ පැවති අධික මිදුම් තත්ත්වය හේතුවෙන් එම අනතුර සිදුවන්නට ඇතැයි යුක්‍රේන බලධාරීන් පෙන්වා දී තිබේ.