.webp)
COLOMBO (News 1st) - ලොව වයස්ගතම කාන්තාව වූ ප්‍රංශයේ ඇන්ඩ්‍රේ කන්‍යා සොයුරිය ඊයේ ස්වර්ගස්ත වී තිබේ.
ඇය ස්වර්ගස්ත වන විට කන්‍යා සොයුරියගේ වයස අවුරුදු 118 කි.
ජීවිතයේ වැඩි කාලයක් ආගමික සේවය සඳහා කැපවී සිටි ඇය 1904 වසරේ පෙබරවාරි 11 වන දින උපත ලැබුවේ, දකුණුදිග ප්‍රංශයේදී ය.
පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ලොව වයස්ගතම කාන්තාව ලෙස ඇය ගිනස් වාර්තා අතරට ඇතුළත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය.