හිටපු මහබැංකු අධිපතිට එරෙහි නඩුව කල් යයි..

හිටපු මහබැංකු අධිපති කබ්රාල්ට එරෙහි නඩුව කල් යයි..

by Staff writer 17-01-2023 | 8:07 PM

COLOMBO (News 1st) - ජනතා මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව කීර්ති තෙන්නකෝන් මහතා ගොණුකර තිබූ නඩුව පෙබරවාරි 16 දක්වා කල් තැබීය.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙළ මහතා ඉදිරියේ නඩුව අද(17) කැඳවූ අවස්ථාවේ කීර්ති තෙන්නකෝන් මහතා වෙනුවෙන් මූලික විරෝධතාවක් ඉදිරිපත් කළ අතර ඊට අදාළ ලිඛිත දේශන ලබන 16 වැනිදා ගොණුකරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ පාර්ශ්වයට නියෝග කරනු ලැබීය.