විරෝධතාවට කොල්ලුපිටියේදී කඳුළු ගෑස්

අන්තරේ සිසුන් ඇතුළු පිරිස විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාර

by Staff writer 16-01-2023 | 4:33 PM

COLOMBO ( News 1st ) - විරෝධතාවේ  නිරත අන්තරේ සිසුන් ඇතුළු පිරිස විසුරුවා හැරීමට පොලිසිය කොල්ලුපිටියේදී ජල හා කඳුළු ගෑස් ප්‍රහාර කර තිබේ.   

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක පිරිසක් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කොළඹ තුම්මුල්ලෙන්  ආරම්භ කළ    විරෝධතා පා ගමන පසුව කොල්ලුපිටියට ළඟා විය.

දින 150 කට අධික කාලයක් රදවාගෙන සිටින අන්තරේ කැදවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත අහෝසි කිරිම, විදුලි ගාස්තු සහ ජීවන වියදම පහත හෙලීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම විරෝධතාව පැවැත්විණ. 

මේ අතර, විරෝධතාවයේ නිරත පිරිසට යූනියන් පෙදෙස හරහා ගාලු මුවදොර පිටියට ඇතුළු වීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් ද නිකුත් කෙරිණ. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, , කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් එම නියෝගය නිකුත් කර ඇති බවයි.