.webp)
COLOMBO (News 1st) – මෙරට බැංකු 10ක ශ්‍රේණිගත කිරීම තවදුරටත් පහළ හෙළීමට ෆිච් රේටින්ග්ස් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය කටයුතු කළේ ය.
ඔවුන්ගේ නවතම ශ්‍රේණිගත කිරීමේ වාර්තාව පෙන්වා දෙන්නේ , මෙරට ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක මෙන්ම පෞද්ගලික බැංකු 8ක ණය ශ්‍රේණිගත කිරීම මේ අනුව පහළ හෙළා ඇති බවයි.
මෙම ශ්‍රේණිගත කිරීම් පහළ හෙළීමට හේතු වී ඇත්තේ බැංකුවල දිගු කාලීන මූල්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් ය.
බැංකු ණය පැහැර හැරීම් හා රජය විසින් පනවන ලබන විවිධ සීමා ඊට හේතුවී ඇති බවද ෆිච් රේටින්ස් වාර්තාවේ සඳහන් වෙයි.