නිලන්ත ජයවර්ධනට නව වගකීමක්..

පරිපාලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයේ වැඩ ආවරණයට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පත් කෙරේ..

by Staff writer 02-01-2023 | 10:27 PM

COLOMBO (News 1st) - පොලිස් මූලස්ථානයේ පරිපාලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයේ වැඩ ආවරණය කිරිම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පත්කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ වහාම ක්‍රියාත්මක වන පරිදි නිලන්ත ජයවර්ධන මහතා එම ධුරයට පත්කර ඇති බවයි.

මීට පෙර එම ධුරයේ රාජකාරි කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා පසුගිය දෙසැම්බර් මස 31වන දින සිට විශ්‍රාම ලැබුවේ ය.