.webp)
මේ අතර පසුගියවර යතුරු පැදි අංශයේ ශූරතාව දිනූ බ්‍රිතාන්‍යයේ සෑම් සන්ඩර්ලන්ඩ් අනතුරකට ලක් විය.
ලොව ප්‍රධානතම මෝටර් රථ සහ යතුරු පැදි රැළිය ලෙස සැලකෙන ඩකාර් රැළිය මෙවර 45 වැනි වරට පැවැත්වෙයි.
අදියර 14කින් සමන්විත එය සෞදි අරාබිය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක අතර පළමු අදියර පැවැත්වුණේ වැලි, ගල් සහ බොරළු සහිත මාර්ග ඔස්සේයි.
පසුගියවර යතුරු පැදි අංශයේ ශූරතාව දිනූ සෑම් සන්ඩර්ලන්ඩ් කිලෝ මීටර 52ක දුරක් ධාවනය කිරීමෙන් පසු අනතුරකට ලක් වීම නිසා ගුවන් යානයකින් රැගෙන ගොස් යන්බු රෝහලට ඇතුළත් කළේ ය.
ඒ අනුව කිලෝ මීටර 368ක දුරකින් යුතු යතුරු පැදි පළමු අදියර ජයගැනීමට සමත් වූයේ අමෙරිකාවේ රිකී බ්රාබෙක් ය.
ඔහු පැය 3යි තත්පර 31යි දශම 1ක කාලයක් සටහන් කළේ ය.
මේ අතර ප්‍රවීණ රැළි ධාවන ශූර ස්පාඤ්ඤයේ කාලෝස් සයින්ස් මෝටර් රථ අංශයේ කිලෝමීටර 603ක දුරකින් යුතු මෝටර් රථ අංශයේ ජය හිමිකර ගත්තේ ය.
ඒ, පැය 3යි මිනිත්තු 20යි තත්පර 41ක කාලයක් සටහන් කරමිනි.
ක්වොඩ් රථ සහ යතුරු පැදි ඇතුළු අංශ කිහිපයකින්ම මෙවර ඩකාර් රැළිය සමන්විත වේ.