කැලණිය මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා අත්අඩංගුවට...

කැලණිය මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා සහ තවත් ශිෂ්‍ය සංගම් නියෝජිතයෙක් අත්අඩංගුවට...

by Staff writer 02-01-2023 | 9:26 PM

COLOMBO (News 1st) - කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා සහ තවත් ශිෂ්‍ය සංගම් නියෝජතයෙක් තලංගම පොලීසිය විසින් අද(02) දහවල් අත්අඩංගුවට ගනු ලැබිණි.

ඒ, පසුගිය ජූලි මස 10වැනිදා පැවති විරෝධතාවක් අතරතුර අධ්‍යාපන අමාත්‍යාංශයේ ගේට්ටුවට හානි කළැයි කියන චෝදනාව මතය. 

කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කැලුම් මුදන්නායක සහ එහි නියෝජිත ඩිල්ශාන් හර්ෂණ යන මහත්වරුන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද තලංගම පොලීසියට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගෙන තිබුණි.

හෙට ඔවුන්ව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය.