ජනපති කළ නියෝගය පිළිබඳව මහාචාර්ය හූල් ප්‍රශ්න කරයි

රජයේ ඉඩම් ලබාදෙන්නැයි ජනපති කළ නියෝගය පිළිබඳව මහාචාර්ය හූල් ප්‍රශ්න කරයි..

by Staff writer 30-12-2022 | 8:07 PM

COLOMBO (News 1st) - අඹේවෙල පිහිටි පෞද්ගලික සමාගමක ගොවිපොලකට රජයේ ඉඩම් අක්කර 30ක් වහා ලබාදෙන්නැයි ජනාධිපතිවරයා කළ නියෝගය පිළිබඳව මැතිවරණ කොමිසමේ හිටපු සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා ප්‍රශ්න කර තිබේ.

ඒ ජනාධිපතිවරයාට ලිපියක් යවමිනි.

මහාචාර්වරයාගේ ලිපියේ උපුටා ගැනීම මෙසේයි,

"මෙවැනි ප්‍රදානයකට මීට වඩා සුදුසු පුද්ගලයින් නැද්ද? 
මෙම ඉඩම් ලබාදීමට ඔබ අල්ලසක් නොගත් බව ඔබට ඔප්පුකල හැකිද? මා විශ්වාස කරන්නේ ඔබට මේ ප්‍රශ්ණ දෙකට පිළිතුරු දිය නොහැකි බවයි. ඉන් තේරුම් ගත හැක්කේ මෙහි කිසිදු විනිවිදභාවයක් නොමැති බවයි. ඔබ විසින් දියත් කරන දූෂණයට එරෙහි ක්‍රියාන්විතය සාර්ථකවීමට නම් මෙලෙස අත්තනෝමතික ලෙස බලය භාවිත කිරීම නවතා දැමිය යුතුයි."