.webp)
කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අල සහ එළවළු වගාවට අවශ්‍ය විශේෂ පොහොර නිෂ්පාදනය කිරීම ලංකා පොහොර සමාගමටත්, තේ වගාව සඳහා අවශ්‍ය විශේෂ පොහොර නිෂ්පාදනය කිරීම කොමර්ෂල් පොහොර සමාගමටත් පවරා ඇති බවයි.
මෙම පොහොර වර්ග 02 නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දෙන ලෙස ඇමතිවරයා අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් ලබා දි තිබේ.