.webp)
යූ එස් ඒයිඩ් ආයතනය සඳහන් කළේ, 2022 - 2023 මහ කන්නය වගා කර ඇති භූමි ප්‍රමාණය මත පදනම්ව එක් එක් වී ගොවීන් වෙත ලබා දෙන ටී එස් පී ප්‍රමාණය තීරණය කරන බවය.
මේ අතර දිස්ත්‍රික්ක 07ක අඩු ආදායම්ලාභී වී වගා කරන ගොවි පවුල් සඳහා එක් පවුලකට රුපියල් 15,000ක් එනම් ඩොලර් 42ක දීමනාවක් ලබා දීමට එක්සත් ජනපද නියෝජිතායතනය තීරණය කර තිබේ.
ඒ අනුව යාපනය, මුලතිව්, මන්නාරම, ත්‍රිකුණාමලය, වවුනියාව, මොනරාගල හා මඩකලපුව දිස්ත්‍රික්කවල වෙසෙන මාසික ආදායම රුපියල් 41,500ට වඩා අඩු ගොවි පවුල් සඳහා මෙම දීමනාව ලබා දීමට නියමිතය.
මෙම මුදල වාරික දෙකක් යටතේ ලබන ජනවාරි මාසයේ දී ලබා දීමට කටයුතු කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ.එම්. එච්. එල්. අබේරත්න මහතා ප්‍රකාශ කළේ ය.
එමෙන්ම ආසියානු සංවර්ධන බැංකුව විසින් රුපියල් බිලියන 08ක මුදලක් දිවයිනේ වී වගා කරන ගොවි පවුල් ලක්ෂ 12කට ලබා දීමට කටයුතු කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ ය.