.webp)
COLOMBO (News 1st) – අංගොඩ, අඹතලේ ප්‍රදේශයේ නිවසක හටගත් ගින්නකින් මාස 3ක් වයසැති බිළිඳියක් පිළිස්සී මිය ගොස් තිබේ.
පොලිසිය සඳහන් කළේ, බිළිඳිය සිටි කාමරයේ ජලය උණු කිරීම සඳහා භාවිත කළ හීටරයක් පුපුරා යාමෙන් ගින්න හටගෙන ඇති බවයි.
අදාල නිවසේ විදුලි බිල නොගෙවීම හේතුවෙන් විදුලිය විසන්ධි කර ඇති අතර යාබද නිවසකින් අනාරක්ෂිත ලෙස තාවකාලිකව විදුලිය ලබා ගෙන තිබේ.
බිළිඳියගේ මව හීටරය විසන්ධි කිරීමකින් තොරව නිවසින් බැහැරව සිටියදී එය පුපුරා ගොස් ගින්න හටගෙන ඇති අතර, බිළිඳිය සිටි ඇඳේ මෙට්ටයට ගින්න ව්‍යාප්ත වීමෙන් ඇය පිලිස්සී මියගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කළේ ය.