.webp)
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය පිළිබඳ ඒකාබද්ධ යාන්ත්‍රණ කමිටු රැස්වීමට එක්වෙමිනි.
අරලියගහ මන්දිරයේ ඊයේ (13) පස්වරුවේ අදාළව සාකච්ඡාව පැවැත්විය.
එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ, ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැළසුම් කර ඇති බවයි.
ආහාර සුරක්ෂිතතාව සහ ජනතාවගේ පෝෂණ තත්ත්වය තහවුරු කිරීමේ දී නිවැරදි දත්ත ලබා ගැනීමේ අවශ්‍යතාව ද එහිදී ජනාධිපතිවරයා පැහැදිලි කර තිබේ.
ජාතික මට්ටමින් සහ ප්‍රාදේශීය මට්ටමින් තිබෙන දත්තවල විශාල වෙනස්කම් දක්නට ඇති බවත්, ඒවා කඩිනමින් නිවැරදි කරගත යුතු බවත් එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.