අයහපත් වායූ දූෂණ මට්ටම තවදුරටත්

නාගරික ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය අද යළිත් පහළට

by Staff writer 10-12-2022 | 10:44 PM

COLOMBO ( News 1 st ) - මේ අතර ඇතැම් නාගරික ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය අද(10) යළිත් පහළ ගොස් තිබේ.

අම‍ෙරිකානු වායු ගුණ තත්ත්ව දර්ශකයට අනුව දිස්ත්‍රික්ක කිහිපයකම  වායූ දූෂණ මට්ටම 100 ඉක්ම වූ අගයක පැවතියා.

ඒ අනුව කොළඹ නගරයේ 191 ක්, බදුල්ල නගරයේ 169 ක්, කෑගල්ල දිස්ත්‍රික්කයේ 155 ක් සහ කළුතර දිස්ත්‍රික්කයේ 146 ක් ලෙස වායූ දූෂණ මට්ටම පැවති අතර 150 කට වැඩි වායූ දූෂණ මට්ටම යනු ,අයහපත් මට්ටමක් ලෙස ඇමරිකානු වායු ගුණ තත්ත්ව දර්ශකය පෙන්වා දී තිබේ.

එමඟින් සංවේදී පිරිස්වලට වැඩි බලපෑමක් මෙන්ම, බොහෝ දෙනාට විවිධ රෝග ලක්ෂණ පෙන්නුම් කළ හැකියි.

කුරුණෑගල, ඇඹිපිටිය, රත්නපුර, මහනුවර ආදී නගරවල් වායූ දූෂණ මට්ටම 100 ඉක්ම වූ අගයක අද(10) උදෑසන පැවති අතර සෙසු ප්‍රදේශවල වායු දූෂණ තත්වය සාමාන්‍ය මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පෙන්වා දී තිබේ.