.webp)
චීනයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඇය ප්‍රකාශ කළේ ණය ප්‍රතිව්‍යහුගත කිරීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ බහුපාර්ශ්වික සංවර්ධන බැංකු හරහා මෙම රටවලට මුදල් ලබාදීමේ අවස්ථාවට ඉඩ සැලසෙන බවයි.
චීනයේ, අන්හුයි පළාතේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සහ චීන බලධාරීන් අතර මෙම වටමේස සාකච්ඡාව පැවැත්වුණු අතර එහි දී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර ඇත්තේ ගෝලීය පොදු සංවර්ධනය සඳහා බහුපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳවයි.
ගෝලීය ණය අර්බුදයක් ඇතිවීම තුළින් ණය පීඩාවන් වළක්වා ගත හැකි ආකාරය පිළිබඳවත්, මෙහිදී චීන බලධාරීන් සමග සාකච්ඡා කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කැ තිබේ.
චීනයට මේ සම්බන්ධයෙන් ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කළ හැකි අතර ණය ගැටලු සම්බන්ධයෙන් වඩාත් ක්‍රමානුකූලව මැදිහත් වීම වෙනුවෙන් වේදිකාවක් සඳහා අවකාශයක් ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන්වා දී තිබේ.