අද( 10 )ගම්මැද්දෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙනුවන්

ගම්මැද්දෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ මුඛ සෞඛ්‍ය වාට්ටුවේ අලුත්වැඩියාවට මුල පුරයි.

by Staff writer 10-12-2022 | 8:49 PM

COLOMBO ( News 1 st ) - පේරාදෙණිය ශික්ෂණ රෝහලේ මුඛ සෞඛ්‍ය වාට්ටුව අලුත්වැඩියා කිරීමේ ගම්මැද්ද ව්‍යාපෘතිය අද (10)  ආරම්භ විය.

බොහෝ කලක සිට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ මුඛ සෞඛ්‍ය වාට්ටුවේ වහල අබලන් වී වාට්ටු දුර්වර්ණ වී, වෛද්‍යවරුන්ගේ විවේකාගාරය පවා අබලන්ව පැවතුන අතර වෛද්‍ය සිසුන්ට දැනුම ලබාදෙන ශික්ෂණ රෝහලක් වන මෙහි අඩුපාඩු ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන්ට මෙන්ම කාර්ය මණ්ඩලයටත් ගෙන දුන්නේ මහත් පීඩාවකි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය  දන්ත වෛද්‍ය ශික්ෂණ රෝහලේ මුඛ හනුක හා වත්‍ර ශල්‍ය වෛද්‍ය අංශයේ ඉල්ලීමක් අනුව, මෙම ප්‍රතිසංස්කරණ කටයුතු අද(10) ආරම්භ කෙරුණි.

ව්‍යාපෘතිය හරහා ගම්මැද්ද මඟින් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ මුඛ හා මුහුණ ආශ්‍රිත සැත්කම් කරනු ලබන වාට්ටුව පිළිසකර කර ඊට අවශ්‍ය ශල්‍ය වෛද්‍ය උපකරණ ද ලබාදෙනු ඇති.


පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා අදහස් දක්වමින් කියා සිටියේ 
අද දක්වන මෙම දායකත්වය තව වසර  විසි හතරක්, විසි පහක් පුරාවට තිබේවි  යන්න  සිය එකම  විශ්වාසය බවයි.

මෙයින් ප්‍රතිලාභ ලබන ලාංකිකයන් ප්‍රමාණය ගණනය  කිරීමට නොහැකි වනු ඇති බවත් මෙම පිළිසකර කිරීම් කටයුතු පවා ඉතාමත් විශාල බරපැන දරන  ව්‍යාපෘතියක් බවත් පැවසීය.

මෙය විශ්වවිද්‍යාලයටවත්, උසස් අධ්‍යාපන අමාත්‍යංශයටවත්, රජයටවත්  තනිව කළ නොහැක්කක් බවත්, ඒනිසා මෙම අවශ්‍යතාවය පිරිමහන්නට ගම්මැද්ද සමාජ සත්කාර සේවාව දක්වන දායකත්වය සමග ව්‍යාපෘතියක් හරහා  නෙක්ස්ට් මැනුෆැක්චරින් ආයතනය ඉදිරියට පැමිණීම පිළිබඳව  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා නියෝජනය කරමින්,නියෝජ්‍ය උපකුලපති ලෙස තමන්  ඉතාමත් සාදරයෙන්, ගෞරවයෙන් ප්‍රණාම පූර්වකව තුති පුද කරන බවත් ප්‍රකාශ කළේ ය. 

මේ සඳහා ගම්මැද්ද සමග අත්වැල් බැඳගත්තේ, නෙක්ස්ට් මැනුෆැක්චරින් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයයි.