.webp)
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් කළම්බෝ ස්ටාර්ස් ක්‍රීඩකයන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 165ක්.
ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල ලකුණු 62ක් රැස් කළා.
ළහිරු කුමාර ලකුණු 36ට කඩුලු 4යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි දඹුල්ල අවුරා ක්‍රීඩකයන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 156ක් පමණයි.
නායක දසුන් ශානක නොදැවී ලකුණු 31 යි.
සුරංග ලක්මාල් ලකුණු 35ට කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.
තරගයේ වීරයා නිරෝෂන් දික්වැල්ල