සපුගස්කන්ද යළි වැඩ අරඹන්න ලෑස්තියි

බොරතෙල් නැතිව වැසුණු සපුගස්කන්ද යළි වැඩ අරඹන්න ලෑස්තියි

by Staff writer 07-12-2022 | 6:45 AM

COLOMBO (News 1st) - ලබන 15 වැනි දා සිට සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සැළසුම් කර තිබේ.

අමාත්‍යාංශය සඳහන් කළේ, මේ වනවිට බොරතෙල් නෞකා දෙකක තොග ගොඩ බා ඇති බවයි.

ඒ අනුව මෙරටට ලැබී ඇති බොරතෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකකි.

තවත් බොරතෙල් නෞකාවක් ඉදිරි දින කිහිපයේදී මෙරටට ළඟා වනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

මීට පෙර අවස්ථා කිහිපයකදී පිරිපහදුවේ කටයුතු තාවකාලිකව අත්හිටවුයේ, ඉන්ධන පිරිපහදුවට අවශ්‍ය බොරතෙල් නොමැති වීමෙනි.