.webp)
ඒ ,ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති, ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බැවිනි.
මන්නාරම සිට කන්කස්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හා පොතුවිල් දක්වා වූ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 80 දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
මේ වන විට, උතුරු නැගෙනහිර මුහුදු ප්‍රදේශවල ධීවර කටුයුතුවල යෙදී සිටින පිරිසට වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් දැනුම් දී සිටී.
මේ අතර හෙට (08) දිනයේදී උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි, තද වැසි ඇති වීමේ හැකියාවක් ඇත.
උතුරු , උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලට විටින් විට පැයට කිලෝමීටර් 50 සිට 60 පමණ දක්වා තද සුළං ද ඇති විය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් ය.