.webp)
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, දිවංගත අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතාගේ 86 වැනි ජන්ම දින සැමරුම් උත්සවයට ඊයේ (23) එක් වෙමිනි.
ශ්‍රී ලාංකියින් ලෙස අප ස්ව උත්සාහයෙන් නැගීසිටිය යුතු බවත් මෙවර අයවැයෙන් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ඉදිරිපත් කර ඇති බවත් ජනාධිපතිවරයා කියා සිටියේ ය.
පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීමට හැකි විශ්වවිද්‍යාලයක් ලලිත් ඇතුලත්මුදලි මහතා නමින් ඉදිරියේදී මෙරට ස්ථාපනය කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.