ඩෙංගු මදුරු කීට ගණත්වය ඉහළට..

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 20කට අධික සංඛ්‍යාවක ‌ඩෙංගු මදුරු කීට ගණත්වය ඉහළට..

by Staff writer 23-11-2022 | 10:34 PM

COLOMBO ( News 1st ) -සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 20 කට අධික සංඛ්‍යාවක තවදුරටත් ඩෙංගු මදුරු කීට ගණත්වය ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරින්ගේ සංගමය සඳහන් කර තිබේ.

සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරින්ගේ සංගමයේ සභාපති නජිත් සුමනසේන මහතා සඳහන් කළේ, බස්නාහිර පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස රැසක්ද ඒ අතර වන බවය.

ඔහු පෙන්වා දෙන්නේ මේ පිළිබඳව ජනතාව දැඩි විමසිලිමත් විය යුතු බවය.