බලපත්‍ර නොමැති ගිනි අවි සමග 05ක් කොටු

බලපත්‍ර නොමැති ගිනි අවි සමග 05 දෙනෙකු වාකරේදී අත්අඩංගුවට..

by Staff writer 23-11-2022 | 6:59 PM

COLOMBO ( News 1 st ) - පොලිස් විශේෂ කාර්ය බලකාය වාකරේ, ඌත්තමඩිහේන ප්‍රදේශයේ දී බලපත්‍ර නොමැතිව ගිනි අවි ළඟ තබාගෙන සිටි පුද්ගලයන් 05 දෙනෙකු  අත්අඩංගුවට ගෙන තිබේ.  

පොලීසිය සඳහන් කරන්නේ මෙරට නිෂ්පාදිත ගිනි අවි 05ක් ඔවුන් සන්තකයේ තිබී සොයාගත් බවය. 

වයස අවුරුදු 25 - 51 දක්වා වයස්වල පසුවන මෙම සැකකරුවන් වාකරේ, කදිරවේලි ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර  වාකරේ පොලීසිය විසින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.