.webp)
පෙත්සම ගොනුකර තිබෙන්නේ, සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල ලක්මාල් හේරත් මහතා විසිනි.
ඕෂල ලක්මාල් හේරත් මහතා ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙන්නේ, රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ, ආගමන හා විගමන පාලක, මහජන ආරක්ෂක ඇමතිවරයා, සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයින්, පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු පිරිසකි.
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බව පෙත්සම්කරු කියා සිටියේ ය.
මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එවැනි තැනැත්තියකට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට සුදුසුකමක් නොමැති බවත්, එය නීතියට පටහැනි බවත් අදාළ පෙත්සමෙන් පෙන්වා දෙයි.
ඒ හේතුවෙන් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ, ඩයනා ගමගේ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට සුදුසුකමක් නොමැති බවට තීන්දු කොට එය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කර ලෙසය.
එමෙන්ම ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය පිළිබඳ සියලු ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ආගමන හා විගමන පාලකවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත් අදාළ පෙත්සමෙන් ඉල්ලා තිබේ.