ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට විශිෂ්ට ජයක්

කොදෙව් 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට එ⁣රෙහිව ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

by Staff writer 15-11-2022 | 9:19 PM

COLOMBO (News 1st) - වයස අවුරුදු 19න් පහළ බාලිකා පන්දුවාර 20යි  20  සිව්කොන් ක්‍රිකට් තරගාවලියේ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි තරගය ශ්‍රී ලංකාව කඩුලු 6කින් අද (15)  ජය ගත්තේ ය.

තරගය පැවැත්වූයේ ඉන්දියාවේ විසාකාපට්නම් හීදීය .

තරගයේ  පළමුවෙන් පන්දුවට පහර දුන්  කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 3කට  ලකුණු 95ක් ලබා ගත්තේය. 

 ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්  පන්දුවාර 15යි එක් පන්දුවක් අවසානයේ  කඩුලු 4ක් දැවී  ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය.