IMF සහය දෙනවා නම් පක්ෂයේ පිරිස් චීන තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා කරන්නේ ඇයි? - හිරුණිකා ජනපතිගෙන් විමසයි

by Staff writer 12-11-2022 | 10:07 PM

COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයේ සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශෂි හෙට්ටිආරච්චි මෙනෙවිය ඇතුළු කිහිපදෙනෙක් ඊයේ (11) චීන තානාපති කාර්යාලය ඉදිරිපිටට පැමිණ ණය ප්‍රතිව්‍යුහගත කරන්නැයි බලකරමින් පැවැත් වූ විරෝධතාව පිළිබඳව මේ වනවිට විවිධ පාර්ශ්ව අදහස් දක්වමින් සිටී.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය ඇතුළු පිරිස චීන තානාපති කාර්යාලය ඉදිරිපිටට පැමිණ ඊයේ ප්‍රකාශ කළේ, රාජපක්ෂ පාලනයට අසීමිතව ණය දුන් චීනය ණය ප්‍රතිව්‍යුහගතකර මෙරට ජනතාවට සහනයක් දිය යුතු බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා,

තානාපතිවරු රටවල්වල නායකයෝ හම්බෙන පුළුවන්නම් ගිහිල්ලා එහි කිසි වැරද්දක් නෑ. ඉතින් ජනාධිපතිතුමා අපිත් එකක් කතා කරනකොට කියලා තියෙන්නේ චීනයේ සහයෝගය ගන්න පුළුවන් කියන කරනය. චීනය ඉන්දියාව ප්‍රධාන වශයෙන්. එයාලා තවත් ණය දිපු රටවල් අතර ලෝකේ තව තියනවා ඒවා කළමනාකරණයේදී ගැටලු තියෙන්න පුළුවන්. ඒ අයගේ සහයෝගය අපි මේ වැටිච්ච තැනෙන් මුහුණ දෙන්න ලැබෙයි කියන විශ්වාසය තියෙනවා.

සමගි වනිතා බලවේගයේ  ජාතික සංවිධායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය,

පාර්ලිමේන්තුවේ කලිසමත් උස්ස උස්ස ඉන්ග්ලිශ්වලින් කතාවක් කරනවා මෙයා එතනදී කියනවා චීනය එකඟ වුණා දැන් අයි එම් එෆ් එකේ ඔක්කොම වැඩ ඉවර විදිහටනේ කතාව. චීනය එකඟවුණා ණය ප්‍රතිව්‍යුහගත කරලා දැන් ඒ ගොල්ලන් එකඟ වෙලා තියෙන්නෙ කියලා මෙන්න එදා හවස එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කෙනෙකුයි ඔය අරගලය කාලේ හිටිය එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරපු අරගලකරුවන් සෙට් එකක් දැන් එයාලා අරගලයෙ නැහැ. එයාලට ඕන දේ උනානේ එයාලගේ එක්කෙනා ජනාධිපති වුණානේ. එයාලා දැන් අරගලයෙන් අයින් වෙලා ඉන්නේ ඒ දෙතුන් දෙනෙකුයි අරගෙන චීන එම්බසි එක ඉස්සරහට ගිහිල්ලා ලියුමක් භාරදෙන්න අයි.එම්.එෆ්.  එකේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න එකඟ වෙන්න කියලා. දැන් ජනාධිපති පාර්ලිමේන්තුවේ කියනවා එකඟ වුණා කියලා එහෙනම් අහවල් දේකට ද චීන එම්බසි එක ඉස්සරහට ගිහිල්ලා ගෝලයෝ ටිකක් යවලා එකඟ වෙන්න කියලා කියන්නේ. ඔබ ලියලා තියාගන්න මේ සැරේ අයි.එම්. එෆ්. එකේ එන මුදල හම්බ වෙන්නේ නෑ මේ රටට. එතකොට මේ මාස 03 ඉතාමත් අමාරුවෙන් ගිහිල්ලා මේ රට අය හරවන්න බැරි තැනකට ඉතාමත් භයංකාර තැනකට වැටෙනවා

දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා,

ඊයේ උද්ඝෝෂණය බලනකොට අපිට හිනා ගියා. ඒකට හේතුව රටේ ජනාධිපතිතුමාගේ පක්ෂය, තනාපති කාර්යාලය ඉස්සරහට ගිහින් උද්ඝෝෂණය කරනවා, ජනාධිපතිතුමාගේ නොහැකියාව තමයි මේකෙන් පෙන්නුම් කරන්නේ. ජාත්‍යන්තර දේශපාලනය කළමනාකරණය කර ගැනීමේදී මේ අය පරාජය වෙලා තියෙනවා කියලා මෙවැනි කාරණා තුළින් මනාව පැහැදිලි වෙනවා. මේ අකාරයේ උද්ඝෝෂණය කරලා ඉදිරියේදී ඒ අයගේ සහාය ලබා ගන්නේ කොහොමද කියන එක ප්‍රශ්නාර්ථයක්? රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය පසුගිය කාලයේ ඉන්දියාවට පක්ෂපාතිව ඇතැම් තීන්දු ගන්න නිසා, දැන් ඊට චිනය ප්‍රතිවිරෝධය දක්වමින් සිටිනවා. මේ අය තීන්දුවලට ප්‍රතිචාර පළ වන්නේ මෙන්න මේ විදිහටයි.