.webp)
ඇල්ල, අඹදණ්ඩේගම මාර්ගයක සැකකටයුතු ලෙස මියගිය කාන්තා මළ සිරුරක් මෙසේ සොයාගෙන තිබේ.
පොලීසිය සඳහන් කරන්නේ මියගිය කාන්තාව එම ප්‍රදේශයේම පදිංචි 49 හැවිරිදි කාන්තාවක් බවට තොරතුරු අනාවරණය වී ඇති බවය.
මේ අතර මතුගම පින්නගොඩ, අගලවත්ත පොදු සුසාන භූමිය පිටුපස වෙල්යායක තිබී නාඳුනන මළ සිරුරක් සොයාගෙන ඇති අතර පොලීසිය සඳහන් කළේ, වයස අවුරුදු 60 ක පමණ පුද්ගලයෙකුගේ මළ සිරුරක් එලෙස සොයාගෙන ඇති අතර අනන්‍යතාව මෙතෙක් අනාවරණ වී නොමැති බවය.
මේ අතර පොලීසිය සඳහන් නාඋල, කොන්ගහවෙල ප්‍රදේශයේ ළිඳක තිබී 65 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ද සොයාගෙන ඇති බවය.