.webp)
වලව වම් ඉවුර යෝජනා ක්‍රමය යටතේ ජලය සැපයෙන මහවැලිකඩආර වැව මේ දිනවල ඉහළ ජල මට්ටමකින් යුක්ත වන අතර කුරුණෑගල, පිහිඹුව ප්‍රදේශයේ සිට සුරියවැව ඥාතී නිවසක දානමය පිංකමක් සඳහා පැමිණි 08 දෙනෙකු අද (12) පෙරවරු 10.00 ට පමණ ඔරුවේ නැගී වැව මධ්‍යයට ගමන් කර තිබුණේ වැවේ සිරි නැරඹීමටයි.
සුරියවැව ප්‍රදේශයේම තරුණයෙකු ඔරුව පැද තිබූ අතර හදිසියේ ඇති වූ ආපදා තත්ත්වයක් හේතුවෙන් ඔරුවේ සිටි පිරිස් වැවට ඇද වැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
ගම්වාසීන්ගේ මෙහෙයවීමෙන් අනතුරට පත් පිරිස අතර සිටි මාස 8ක බිළිඳියක හා ඇය ඇතුළු 05දෙනෙකු බේරාගෙන තිබේ.
කෙසේ වෙතත් වයස අවුරුදු 18, 17 සහ 10 වයසේ පසුවන ගැහුණු දරුවන් තිදෙනෙකු අද පස්වරුව වනතෙක්ම අතුරුදන්ව සිටි අතර 10 හැවිරිදි දැරියගේ සිරුර සොයා ගැනීමට හැකිවූයේ අද පස්වරු 4.40 ට පමණයි.
සුරියවැව පොලිසියේ පොලිස් ජීවිතාකරක්ෂක කණ්ඩායම් සහ නාවික හමුදාවේද මැදිහත්වීමෙන් මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පෑ සෙසු දැරියන් දෙදෙනා සෙවීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මකයි.
https://www.youtube.com/watch?v=xSrprFE__RQ&ab_channel=NewsfirstSriLanka