විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ප්‍රමාදයි

පද්ධතියේ දෝෂයක් ... විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ප්‍රමාදයි

by Staff writer 08-11-2022 | 11:22 AM

COLOMBO (News 1st) –  පද්ධතියේ දෝෂයක් හේතුවෙන් අද දිනයේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදයක් ඇතැයි, ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. 

එහි මාධ්‍ය ප්‍රකාශක පියුමි බණ්ඩාර මහත්මිය පැවසුවේ, අයදුම්පත්‍ර භාරගැනීම ද සිදුනොවූ බවයි.

පද්ධතිය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු ක්‍රියාත්මක බව ඇය සඳහන්  කළා ය.