.webp)
ඒ අනුව, එංගලන්තය මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසියේය.
ලකුණු 142 ක ඉලක්කයක් හඹා ගිය එංගලන්තය තරගය ජය ගත්තේ කඩුලු 6 ක් දැවී තිබියදීය.
සිඩ්නිහීදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගෙන පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 141 ක් රැස් කළේ ය.
ශ්රී ලංකා මුල් පෙළ කඩුලු 3 ලකුණු 84කදී බිඳ වැටුණි.
වේගවත් ඉනිමක් ක්රීඩා කළ පැතුම් නිස්සංක පන්දු 45 කින් ලකුණු 67ක් රැස් කළේ, හයේ පහර 5ක් සහ හතරේ පහර 2 ක් ද සමගිනි.
මාක් වුඩ් කඩුලු 3යි.
පිළිතුරු ඉනිම ක්රීඩා කිරීමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ ජෝස් බට්ලර් සහ ඇලෙක්ස් හේල්ස් පළමු කඩුල්ලට ලකුණු 75ක සබඳතාවක් එක් කළේ ය.
ඇලෙක්ස් හේල්ස් ලකුණු 47ක් රැස් කළේ, හතරේ පහර 7ක් සහ හයේ පහරකිනි.
ජෝස් බට්ලර් ලකුණු 28යි.
හැරී බෲක් ලකුණු 4කට දැවී ගියේ ය.
එංගලන්ත මුල් පෙළ කඩුලු 4 බිඳ වැටුණේ ලකුණු 106කදීය.