වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත වෙයි..

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත වෙයි..

by Staff writer 05-11-2022 | 7:06 PM

COLOMBO (News 1st) - වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත වී තිබෙන බව කාර්යභාර ඉන්ජිනේරුවරයා පවසයි. 

මේ අතර දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 4 ක් අඩි 4 බැගින් තවදුරටත් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය..

එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඩී. අබේසිරිවර්ධන මහතා සඳහන් කළේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ කිඹුල්වාන ජලාශය හා අම්පාර දිස්ත්‍රික්කයේ කළුගල් ඔය ජලාශ ද සුළු වශයෙන් වාන් දමන බවයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශවල ධාරිතාව මේ වනවිට 41% කි.