භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් 9වැනිදා

රු. මිලියන 85,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 09 වැනිදා..

by Staff writer 05-11-2022 | 9:23 PM

COLOMBO (News 1st) - රුපියල් මිලියන 85,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 09 වැනිදා පැවැත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු යොදා තිබේ.

ඒ සඳහා වන ලංසු එදින පෙරවරු 11.00 දක්වා ඉදිරිපත් කළ හැකියි.

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය සඳහා වන ගෙවීම් නොවැම්බර් 11 වැනිදා කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ ය.