.webp)
මෙලෙස අවලංගු කර ඇත්තේ, කොළඹ කොටුවේ සිට කන්කසන්තුරෙයි දක්වා සහ කන්කසන්තුරෙයි සිට කොළඹ කොටුව දක්වා අද (05) රාත්‍රියේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය දෙකයි.
කන්කසන්තුරෙයි සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ යාල්දේවී සීඝ්‍රගාමි දුම්රිය පූනෑව ප්‍රදේශයේදී පීලි පැනීම මීට හේතුවයි.
මේ හේතුවෙන් අද පස්වරුවේ උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ද හට ගත්තේ ය.
දුම්රිය පීලිගත කිරීම මේ වනවිට ආරම්භ කර ඇතැයි දුම්රිය ගමනාගමන අධිකාරි ගාමිණි සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ ය.