බාල කාබනික පොහොර සැපයුවොත් සමාගම අසාදු ලේඛනයට

බාල කාබනික පොහොර සැපයුවොත් සමාගම අසාදු ලේඛනයට - ඇමති

by Staff writer 01-11-2022 | 1:26 PM

COLOMBO (News 1st) –  තත්ත්වයෙන් බාල කාබනික පොහොර සපයන සමාගම් අසාදු ලේඛනගත කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 

අමාත්‍යවරයා පැවසුවේ, ඔවුන්ට කිසිදු ගෙවීමක් නොකිරීමටත් පියවර ගන්නා බවයි.

දිවයිනේ සියලුම කාබනික පොහොර නිෂ්පාදන සමාගමක් කැඳවා මෙවර මහ කන්නයේදී කාබනික පොහොර සැපයීමේ වැඩපිළිවෙළ  පිළිබඳව අමාත්‍යවරයා සාකච්ඡා කර තිබේ. 
 
මේ අතර මහ කන්නයේ  වී වගාවේදී 30%ක් කාබනික පොහොර ද, 70%ක් රසායනික පොහොර ද යොදා ගනිමින් වී වගා කිරීමට නිර්දේශවී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ ය. 

ඒ අනුව මෙවර මහ කන්නයේ දී වී වගාව සඳහා අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 150,000 කි. 

නමුත් මේ වනවිට කාබනික පොහොර නිෂ්පාදන සමාගම් සතුව පවතින  පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 80,000 ක් වන බව කෘෂිකර්ම අමාතශ්‍යංශය සඳහන් කළේ ය.