මන්ත්‍රී දොලවත්තගෙන් පෞ. මන්ත්‍රී යෝජනාවක්

ජනපතිගේ ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීමට මන්ත්‍රී දොලවත්තගෙන් පෞ. මන්ත්‍රී යෝජනාවක්

by Staff writer 01-11-2022 | 1:10 PM

COLOMBO (News 1st) –  තරුණ ප්‍රජාව රාජ්‍ය පාලනයට දායක කර ගැනීමේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත   පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. 

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, මේ පිළිබඳ දැනුවත් කිරීමේ හමුවක් ඊයේ ජනාධිපති කාර්යාලයේදී පැවති බවයි.

තම පෞද්ගලික මන්ත්‍රී යෝජනාව මගින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත පවසන්නේ, තරුණ තරුණියන්ට වැඩි අවස්ථාවක් ලබා දීම මගින් ව්‍යවස්ථාවට නව අගයක් එකතු කරන බවයි. 

25%ක තරුණ නියෝජනය තහවුරු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන මෙම කෙටුම්පතෙහි ඇතුළත් වේ.