.webp)

ලකුණු 145ක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම එම ඉලක්කය පසු කළේ, පන්දුවාර 18යි පන්දු 3ක් අවසානයේ කඩුලු 4 ක් දැවී සිටියදීය.
බ්‍රිස්බේන්හීදි පැවැති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ඇෆ්ගනිස්ථාන නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 144ක් රැස් කළේ ය.
උස්මාන් ඝානි සහ රහ්මානුල්ලා ගුර්බාස් ගොඩනැගූ සම්බන්ධතාවය ලකුණු 42 කි.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රහ්මානුල්ලා ගුර්බාස් ලකුණු 28කට දැවී ගියේ ය.
සුපිරි පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග ලකුණු 13කට කඩුලු 3යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 12කදී බිඳ වැටුණි.
කුසල් මෙන්ඩිස් ලකුණු 25යි.
ඉන් අනතුරුව පිටියේ එක් වූ ධනංජය ද සිල්වා සහ චරිත් අසලංක තුන්වන කඩුල්ලට එක් කළ සබදතාව ලකුණු 54 කි.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 66ක් රැස් කළේ ය.
