නවසීලන්තයට අමිහිරි පරාජයක්..

අපරාජිත නවසීලන්තය එංගලන්තය ඉදිරියේදී දණ නමයි..

by Staff writer 01-11-2022 | 7:04 PM

COLOMBO (News 1st) - පළමු කාණ්ඩයේ අපරාජිතව සිටි නවසීලන්තයට එරෙහි තරගය එංගලන්තය  ලකුණු 20කින් ජය ගැනීමට අද (01) සමත් විය.

බ්‍රිස්බන්හිදී පැවති තරගයේ කාසියේ වාසිය එංගලන්ත නායකයා හිමිකර ගත්තේ ය.

එංගලන්තය  කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 179කි.

ඇලෙක්ස් හේල්ස් ලකුණු 52ක් රැස්කළ අතර , නායක ජෝස් බට්ලර් ලකුණු 73යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත නායක කේන් විලියම්සන් ලකුණු 40කට දැවී ගිය අතර ඉනිමේ  වැඩිම ලකුණු  ලාභියා වූ ග්ලෙන් ෆිලිප්ස් ලකුණු 62ක් රැස් කිරීමට සමත් විය.

ලකුණු 180ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්තයට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී රැස් කිරීමට හැකි වූයේ,  ලකුණු 159ක් පමණි.

කෙසේ නමුත් නවසීලන්තය තරගාවලියේ පළමු කාණ්ඩයේ ලකුණු සටහනේ තව දුරටත් පෙරමුණේ පසු වන අතර එංගලන්තය එහි දෙවැනි ස්ථානයේ රැඳී සිටී.

පිළිවෙලින් තුන්වැනි සහ සිව්වැනි ස්ථාන හිමි කරගෙන සිටින්නේ ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාවයි.