රේගුවේ ඇති වාහන රාජ්‍ය අවශ්‍යතා සඳහා නිදහස් කෙරේ

රේගු අංගන ආශ්‍රිතව ඇති වාහන රජයේ අවශ්‍යතා සඳහා නිදහස් කිරීමට පියවර

by Staff writer 30-10-2022 | 9:49 AM

COLOMBO (News 1st) - විවිධ නීතිමය හේතු මත රේගු අංගන ආශ්‍රිතව රඳවාගෙන ඇති වාහන, රජයේ අවශ්‍යතා සඳහා නිදහස් කිරීමට තීරණය කර තිබේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය, රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ, ඒ යටතේ දැනට උග්‍ර වාහන හිඟයකට මුහුණ පා ඇති පොලීසිය ඇතුළු දෙපාර්තමේන්තු සහ රජයේ ආයතන කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කරන බවයි.

ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවි ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.