.webp)
ඒ, උණවටුන ප්‍රදේශයේ හෝටලයක් තුළ රැඳී සිටියදීය.
නාවික හමුදාව සහ හබරාදුව පොලීසිය අද(23) අලුයම එක්ව සිදු කළ මෙහෙයුමකදී එම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් සියලුම දෙනා යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
අත්අඩංගුවට ගත් පිරිස අතරින් ළමුන් තිදෙනෙකු ද සිටී.
මෙම සැකකරුවන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමේ අරමුණින් මාසයක පමණ කාලයක සිට දිවයිනේ විවිධ ස්ථානවල රැඳී සිට ඇත.
පසුව දින 5 ක සංචාරයක් යන බව බව පවසා වව්නියාවේ සිට බස් රථයක් රැගෙන ඔවුන් ඊයේ (22) උණවටුන හෝටලයට පැමිණ ඇතැයි ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය.
සැකකරුවන් අද (23) ගාල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.