.webp)
COLOMBO (News 1st) - පොලීසියට වෙඩි තැබීමට උත්සාහ කළ කොල්ලකරුවන් දෙදෙනෙකුට පොලීසිය වෙඩිතබා තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, මෙලෙස වෙඩිතබා ඇත්තේ අද(23) පස්වරුවේ මීගමුව නගරයේදී කාන්තාවකගේ ගෙල බැදි රන් මාලය කොල්ලකා පලා යමින් සිටි කොල්ලකරුවන් දෙදෙනෙකුට බවයි.
කොල්ලකෑම සිදුකර අදාළ කොල්ලකරුවන් දෙදෙනා යතුරු පැදියකින් පලාගොස් ඇති අතර පොලීසිය විසින් ඔවුන් ලුහුබැඳ ගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, කොල්ලකරුවන් හඹාගිය පොලිස් නිලධාරීන්ට, මිනුවන්ගොඩ දෙසට පලා යමින් සිටි අදාළ කොල්ලකරුවන් කටුනායක, ආඩිඅම්බලම ප්‍රදේශයේදී වෙඩි තැබීමට උත්සාහ කර ඇති බවයි.
මේ අවස්ථාවේදී පොලීසිය විසින් කොල්ලකරුවන්වෙත වෙඩි තබා ඇත.
මෙම වෙඩි පහරින් එක් කොල්ලකරුවෙකු මියගොස්, අනෙක් කොල්ලකරු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්රකාශනවරයා සඳහන් කළේ ය.
එලෙස මියගොස් ඇත්තේ අවුරදු 25ක් වන මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
තුවාල ලැබූ 22 හැවිරිදි අනෙක් සැකකරු මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය.